මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටුණු පුද්ගලයා අවසන් ගමන් යයි..
Colombo
apartment
National hospital
Boralla
sahaspura
By Sewvandhi
බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ 31 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |