වියරු වූ මස්සිනාගේ බිහිසුණු කැති පහර

Aluthgama Puttalama Buddi Idhuvaragama land problem
By Sewvandhi Feb 23, 2022 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඉඩම් ආරවුලක් දුරදිගයෑමෙන් මස්සිනා විසින් එල්ලකළ තියුණු ආයුධයකින් ප්‍රහාරයකින් බරපතළ තුවා ලැබූ පුද්ගලයෙකු පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එම පහරදීම වාර්තා වෙන්නේ අලුත්ගම, බුද්ධි ඉඳුවරගම ප්‍රදේශයෙනි. සහෝදරිය වෙත තම මව විසින් ලබාදුන් ඉඩමක කිරි ගවයින් සඳහා අවශ්‍ය තණකොළ වැවීම පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් සිදුකර ගෙන ගොස් තිබුණි.

පසුකලෙක ඔහු විසින් එම ඉඩමේ කෙසෙල් ඇතුළු බෝග කිහිපයක් වගාකර ඇත. එම වගාවන් සහෝදරියගේ සැමියා විසින් කපාදමා, එම ඉඩම ඩෝසර්කර දැමීමට යාමේදී අදාළ ගැටුම හටගෙන තිබේ.

ගම්වාසීන් සඳහන් කළේ සහෝදරියගේ සැමියා විසින් තුවාලකරුට කැති සහ දඬුමුගුරුවලින් පහර දුන් බවය. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ සාලියවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now