ප්‍රේම සබදතාව පිහි ඇනුමකින් කෙලවර වෙයි - සුසුවියට බරපතලයි..

crime Galle knife Thanamalvila Akmeemana
By Sewvandhi Jan 26, 2022 06:18 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එහිදී සැකකරු විසින් මෙලෙස සිසුවියට තුවාල සිදුකිරීම සඳහා යොදාගත් පිහිය සහ පැහැරගෙන ගොස් තිබූ සිසුවියගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම හේතුවෙන් මෙලෙස අදාළ සිසුවියට පිහියෙන් ඇන ඇති බවය.

එදින පැවති විභාගයකට පෙනී සිටීමට තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන එම සිසුවිය ලබුදූව උසස් තාක්ෂණ ආයතනය වෙත පැමිණි අවස්ථාවේ සැකකරු විසින් මෙලෙස පිහියෙන් ඇන ඇත.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now