පෙම්වතිය පුද්ගලයින් සිව් දෙනෙකුට අලෙවි කළ පෙම්වතා

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 05, 2023 04:00 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 පොලිසිය ප්‍රකාශ කළේ, තම පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය පවසන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟලවත්ත ඕමත්ත පාරේ, ලැගුම්හලක කළමනාකරුවෙකු බවයි.

එමෙන්ම අඟලවත්ත පොලීසිය පවසන්නේ, අදාළ සිද්ධියට සම්බන්ධ පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත්ය.

කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

අදාළ පරීක්ෂණ අනුව පොලිස් යතුරුපැදි සංචාර නිලධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදී අදාළ කාන්තාව සිය භාරයට ගෙන ලැගුම්හල් කළමනාකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කරන්නේ, වින්දිත කාන්තාව ඇඟලුම් සේවිකාවක බවත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

අවුරුද්දක පමණ දරුවකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට..!

අවුරුද්දක පමණ දරුවකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට..!