තරුණයෙක් පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාලා - ඇඟ හිරිවැටෙන ඝාතන සිද්ධියේ සුලමුල මෙන්න..

India Crime
By Sithumi Nov 17, 2022 11:49 AM GMT
Report

මෙම සිද්ධිය වාර්තා වන්නේ අපගේ අසල්වැසි රට ඉන්දියාවෙන්. එහිදී තමන් හා එක්ව ජීවත් වූ සහකරුවෙකු විසින් කාන්තාවක් ඉතා කුරිරු ලෙස ඝාතනය කළ බව දිල්ලි පොලිසිය කියා සිටිනවා.

27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා ඇය අතුරුදන්ව ඇති බව වාර්තා කිරීමෙන් පසු මේ සතියේ ඇයගේ ඝාතනය පිළිබඳව අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ඇයගේ සහකරු වූ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා නමැත්තකු එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඇයගේ ගෙල සිර කර ඝාතනය කර පසුව ඇයගේ සිරුර කැබලිවලට කපා ඔවුන්ගේ නිවෙස අසල වනාන්තරයකට දැමූ බව දිල්ලි පොලිසිය සඳහන් කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු ඇයව කැබලි 35කට කපා ඇති බවත් පසුව කොටසින් කොටස සිරුරු කොටස් බැහැර කර ඇති බවයි.

එමෙන් මළ සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පොලිසිය සැකකාර පූනවාලා ඊයේ (16දා) උදෑසන ඔහු සිරුරේ කොටස් බැහැර කළ බව කියන වනාන්තරය ඇති ස්ථානයට ගෙන ගොස් තිබෙනවා.

වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now