මෙවර උසස් පෙළ ප්‍රතිඵල ලගදීම නිකුත් කරයි!!..විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Feb 01, 2024 07:51 AM GMT
Report

අපොස උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබනවා.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තරපත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

මේ අනුව ප්‍රමාදයකින් තොරව උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කළහොත් ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකිවේ.

එය මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉතාමත් වැදගත් සාධකයක් වේ.

මේ අතර, ආන්දෝලනයට තුඩුදුන් උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද (01) දින සිසුන් වෙත ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අද අවධාරණය කළා.

විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබීය.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ එක සහ දෙක කොටස් අද යළි ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Sponsored By Sarrita Jewellery

මෙවර උසස් පෙළ ප්‍රතිඵල ලගදීම නිකුත් කරයි!!..විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.. | A La Level Answer Sheet Checking Begin









Gallery