සියලුම උසස් පෙළ සිසුන්ට පෙබරවාරි 20 කළ යුතු දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Education
By Aruna Jan 21, 2024 02:12 AM GMT
Report

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පෙබරවාරි මස 20 වැනි දින වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300ක දී එම වැඩසටහන ආරම්භ කිරීමට නිමිත බවයි.

මේ අතර, ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ඊයේ (20) පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමේදී ගැටලුවක් මතුවූ බව වාර්තා වුණා.

දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී ඔවුන්ගේ ගණක යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව වී ඇත්තේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙනඒම බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ශාලාධිපතිනිය විසින් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ ආසන්න කාලයකට පසු යළිත් වරක් ගණක යන්ත්‍ර විභාග අපේක්ෂකයින්ට ලබාදීමට කටයුතු කර ඇත.

එහෙත් ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීම සඳහා අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැති බවයි දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවු බවට දෙමාපියන් චෝදනා කරයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමකදී සඳහන් කෙරුණේ උත්තර පත්‍ර පරීක්ෂාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කටයුතු කරන බවයි.

Sponsored By Sarrita Jewellery

සියලුම උසස් පෙළ සිසුන්ට පෙබරවාරි 20 කළ යුතු දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්.. | A L Students Spacial Announcement