උසස් පෙළ සිසුන් දෙදෙනෙකුට විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ලබා දීලා නෑ - ප්‍රධාන පාසලක විශාල ගැටලුවක්
අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනකු ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට ඇත.
ගම්පහ , තක්ෂිලා විද්‍යාලයෙහි පැවති එක් විභාග ශාලාවක සිසුන් දෙදෙනකු චිත්‍ර විෂයට පෙනී සිට ඇති අතර එම දෙදෙනාට දෙවන ප්‍රශ්න පත්‍රය නොදුන් බව එම සිසුහු දෙදෙනා කියති.
චිත්‍ර විෂයෙහි පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුර සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ශාලාව බාරව සිටි ගුරුවරියකගෙන් විමසූ අවස්ථාවේ දෙවන ප්‍රශ්න පත්‍රය නොලැබුනු බව පැවැසුවේ යැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
විභාගයට පෙනී සිටි සෙසු සිසුන්ගෙන් විභාගය අවසන්වීමෙන් පසු තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පැවැසු අවස්ථාවේ ඔවුනට දෙවන ප්‍රශ්න පත්‍රය ලැබුණු බවට පැවැසූ බව ද එම බලධාරීන්ට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සිසුන් කියා ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර පේමලාල් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී මෙසේ කීය. මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත අදාල ශාලාධිපති සහ සහකාර ශාලාධිපති විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගත්තා. අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |