A/L ලියපු සිසුන් සම්බන්ධයෙන් හෙට කරන්න යන දේ මෙන්න.
සිසුන් 477 දෙනකුට අලුතින් සරසවි වරම්
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලින් පසුව සකස් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හෙට (04 වැනිදා) නිකුත් කෙරේ.
මෙම නව ඉසෙඩ් ලකුණු අනුව සිසුන් 477 දෙනකුට විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව අලුතින් හිමි වී ඇති අතර කලින් ප්‍රවේශ අවස්ථාව ලැබී තිබූ සිසුන් පන්සියයකගේ පමණ ස්ථාන වෙනස් වී තිබේ.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම මෙම වසරේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත් අතර ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මස 29 වැනිදා මුල් වරට නිකුත් කරන ලද ඉසෙඩ් ලකුණු මත මේ වන විට සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී අවසන් වී ඇත.
නැවත සමීක්ෂණවලින් පසු ප්‍රවේශ අවස්ථාව හිමි වන සිසුන්ගේ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මුලින් ඉසෙඩ් ලකුණු නිකුත් කළේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත ප්‍රවේශ අවස්ථාව හිමි වන සිසුන් වෙනුවෙන් ඉඩ තබා ගනිමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |