උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනි දාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 51,000කගේ පමණ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස නිකුත් කිරීමට නියමිත බවයි.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව 50% ක ධාරිතාවයකින් සරසවි සිසුන් දේශන, විභාග ඇතුළු අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල තුළට කැඳවීමට අවසර ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ, ඊයේ දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රැස් වී මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව 50%ක ධාරිතාවකින් සිසුන් විශ්වවිද්‍යාල තුළට කැඳවනු ඇති.
මේ දක්වා සරසවි සිසුන් විශ්වවිද්‍යාල තුළට කැඳවීම සිදුකළේ 25%ක ධාරිතාවයකින් පමණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |