මෙවර උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල බලාපොරොත්තු කල් යයි!!

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Feb 02, 2024 03:19 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී තිබෙන බව වාර්තා වනවා.

ඒ, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බව ප්‍රකාශ කරමින්.

මේ අනුව, උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබාදුන් විශේෂ දීමනාව මෙවර කප්පාදු කර ඇති බවයි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අවශ්‍ය මුදල් නිසි ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

නමුත්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ, මීට පෙර පැවති උත්තර පත්‍ර පරීක්ෂා කිරීම්වලට අදාළ ගෙවීම් පවා මෙතෙක් සිදුකර නොමැති බවයි.

ස්ටාලින් එලෙස පැවසුව ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අවශ්‍ය මුදල් මීට පෙර ලබාදුන් ආකාරයටම මෙවර ද ලබාදෙන බවයි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


You may like this