බිහිසුණු ලෙස බිරිදගේ ගෙල කපා ඝාතනය කළ සැමියා අල්ලයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 15, 2023 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වෙන්නප්පුව පොලීසිය විසින් පවුල් ආරවුලක් නිසා වෙන්ව සිටි බිරියගේ ගෙල කපා ඝාතනය කළ සැමියකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම  අඹුසැමි යුවළ අතර ඇතිවූ විරසකය හේතුවෙන් ඔවුන් වෙන් වෙන්ව ජීවත් ව තිබෙනවා.

මෙලෙස ඝාතනය කළ සැමියා, සිය බිරියට අනියම් සම්බන්ධතාවයක් පවතින බවට ලද තොරතුරක් මත වයික්කාල ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවෙසට පැමිණි සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා පලා ගොස් තිබෙනවා.

වෙන්නප්පුව පොලීසිය විමර්ශන සිදුකර වටවල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.