තම පියාගේම වෑන් රථයට යටවී අවුරුදු 2 ක් වයසැති දැරිය මියයයි
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sithumi
සිය පියාගේ වෑන් රථයට යටවීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක් වයසැති කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීම සඳහා පිටුපසට ගැනීමේදී කුඩා දැරිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
ඊයේ (07) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය මියගොස් ඇත්තේ, කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |