බොරැල්ලේදී පොලීසියට අසභ්‍ය වචනයෙන් බැන වැදී සද්ද දැමූ තරුණිය ලග තිබී හමුවූ අදහා ගත නොහැකි දේ..එම වීඩියෝව මෙන්න..(VIDEO)
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණිය ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා.
වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කළ බවයි බොරැල්ල පොලිසිය පැවසුවේ. එම සිදුවීමට අදාළව එම තරුණිය හා ඇගේ යෙහෙළිය ඇතුළු සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පොලිසිය පවසන්නේ ඔවුන් සන්තකයේ අයිස් සහ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ද තිබූ බවයි.
බොරැල්ල පොලිසිය තුළ ඔවුන් රඳවාගෙන පැය කිහිපයක් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මේ පිරිස ඊයේ රාත්‍රියේ අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරියාට බැණ වැදුනු තරුණිය පරීක්‍ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කර ඇති අතර, අනෙක් සැකකරුවන් යළි පොලිසියට රැගෙන ආවා. ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි බොරැල්ල පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |