තරුණ ජීවිත 5ක් බිලිගත් ගැරඬි ඇල්ල ඛේදවාචකය - අතුරුදන් තරුණියගේ දේහයත් සොයා ගැනේ... (VIDEO)

Garadi Ella Atampitiya Navala road
By Sewvandhi Jan 30, 2022 10:28 AM GMT
Report

ගැරඬි ඇල්ලේ දිය නෑමේ දී සැඩ දිය පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් ව සිටි තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ ගැරඬි ඇල්ලේ දියනෑම සඳහා ඇටම්පිටිය - නාවල පාරේ පදිංචි 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණියා.

මොවුන් දියනාමින් සිටියදී ජල පහරට හසුව තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙකු ගසාගෙන ගියා. කෙසේවෙතත් දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව එලෙස ගසාගෙන ගිය සයදෙනාගෙන් පස්දෙනෙකුගේ සිරුරු ඊයේ (29) රාත්‍රිය වනවිට සොයා ගැනුණා.

එහිදී මියගිය ගැහැනු දරුවන් තිදෙනකුගේ සිරුරු සහ තරුණයාගේ මළසිරුර සොයා ගත්ත ද, 22 හැවිරිදි එක් තරුණියක් අද (30) පස්වරුව වන තෙක් අතුරුදන්ව සිටියා.

අඛණ්ඩව කිමිදුම් අංශ මගින් මෙහෙයුම් සිදු කෙරුණේ අතුරුදන් වූ තරුණිය සොයායි. ඒ අනුවයි, අද පස්වරු 3 ට පමණ අතුරුදන් වූ අනෙක් තරුණියගේ ද මළසිරුර සොයා ගැනුණේ. මෙලෙස අතුරුදන් වූ තරුණිය සහ ජීවිතක්ෂයට පත් වූ 23 හැවිරිදි තරුණිය එකම පවුලේ සොහොයුරියන් බවට ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now