කවුරුත් ආසාවෙන් කන වද මල් ව්‍යාංජනයක් හදමු ..
වද මල් ශාකය 3mක් පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් තුළ බහුලව අපට දැක ගැනීමට හැකියාව තිබෙනවා. මෙහි සුඹුළු සහිත පිට පොත්ත තරමක් රළුය. වද මල් වලත් විවිධාකාරයේ වද මල් වර්ග තිබෙනවා . මෙම වද මප් වල විවිධාකාර ගුණ රාශියක් ඇතුලත් .
වද මල් අතර පොකුරු වද මල් කළු පැහැයට හුරු රතු පැහැයක් ගන්නා අතර සුදු , කහ , තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් මල් පිපෙන වද ප්‍රභේද රාශියකි. මෙම වද මලෙන් විවිධ කෑම වර්ග සෑදිය හැකි අතර අද මේ කියන්න යන්නේ පොකුරු වද මල් ව්‍යාංජනයක් හදන ආකාරය ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය -
පොකුරු වදමල්
අමු මිරිස් කරල් කිහිපයක්
රතුළුනු
පොල් කිරි
රම්පෙ
කරපිංචා
ලුණු
දෙහි යුෂ
සාදන අයුරු -
පිසිමට බදුනක් ගෙන අමු මිරිස්, රම්පෙ, කරපිංච, සොදා ගත් පොකුරු වද මල් දමා එයට රතු ලූණුත් දමා පොල් කිරි දමා ලිප තබා ලුණු සහ දෙහි යුෂ හැර ඉතිරි සියල්ලම දමා හොඳින් පිසගන්න. ඉන්පසු ළිපෙන් ඉවතට ගෙන එයට රස අනුව ලුණු හා දෙහි යුෂ එකතු කරන්න. උණුසුම තිබියදීම ආහාරයට එකතු කරගැනීම රසවත් වෙයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |