දියණියට කලක් පටන් බරපතළ ලිංගික අතවර සිදුකළ පාපතර පියාට ලැබුණු දඬුවම..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 06, 2023 09:54 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තම එකොළොස් හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවර කළැයි චෝදනාවට වරදකරුවූ පියෙකුට වසර 110ක සිරදඬුවමක් නියමකර ඇත.

ඊයේ (05) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා එම පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර 110ක සිරදඬුවමක් නියමකළ බව වාර්තා වෙයි.

අදාළ වරදකරු 2008 වසරේ සිට අවස්ථා ගණනාවකදී තම දියණියට ලිංගික අතවරකර තිබුණි. එම පුද්ගලයා ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now