සියල්ලන්ගේ හද කම්පා කරවමින් ශ්‍රී ලාංකික පියා බාලවයස්කාර දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසා ගනී.. සමාජ මාධ්‍යයට ඡායාරූප හා වීඩියෝවකුත් මුදා හරී..

Australia suicide crime Sri Lankan
By Sewvandhi Jan 29, 2022 10:19 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඔස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

බටහිර ඔස්ට්‍රෙලියානු පොලීසිය සඳහන් කරන පරිදි මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 6 ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4 ක්.

පසුව ඔවුන්ගේ පියා සිය ගරාජයේ දී දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳ වාර්තා වී ඇත්තේ සිය දරුවන් කැටුව යාමට පැමිණි මවට ඔවුන් එම ස්ථානයේ නොමැති බව දැන පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි.

දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බරයේ දී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි. මානසික ආතතිය දිවි නසා ගැනීමට මුල් වන බව ද එහි සඳහන්ව ඇති කරුණක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now