මවට හිරිහැර කළ පුතා, පියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට..!

Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 06, 2023 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පියෙකු විසින් පුතෙකු ඝාතනය කළ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.එනම්, අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම ප්‍රදේශයෙ මතට ඇබ්බැහි වූ පුතෙක්ගේ හිරිහැරවලින් මව මුදා ගැනීම සඳහා පුතුව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය 25 හැවිරිදි තරුණයා දැඩිව මත්ද්‍ර්‍යවලට ඇබ්බැහිවූ අයෙක්. ඔහුගේ එක් පාදයක් අනතුරකින් අහිමි වී තිබෙනවා. 

 කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ තම මවට සහ පියාට හිරිහැර කරමින් සිටි මෙම පුතු ඊයේ (05) රාත්‍රියේ මවට පහරදී ඇති අතර එම අවස්ථාවේ වැඩ නිමවී නිවසට පැමිණි පියා පුතුගෙන් ඇය බේරාගැනීමට දැඩි උත්සහයක යෙදී තිබේ. 

 පසුව පුත්‍රයා විසින් පියාට පහරදිමට තැත්කළ අවස්ථාවේ පියා විසින් පුතාට තියුණු ආයුධයකින් පහරදී ඔහු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now