බිරිඳගෙ අත් පා වෙන්වෙන්න තියුණු ආයුධ වලින් කැපූ සැමියා, වෙඩි තබා බියවද්දා නැන්දම්මා භාරයේ සිටි දරුවා පැහැර ගනී

Sri Lanka Horana kidnapped Kadana T56gun
By Sewvandhi Feb 17, 2022 06:57 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි සිය නැන්දම්මාගේ නිවසකට පැමිණි අයකු ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා නැන්දම්මා බාරයේ සිටි වයස අවුරුදු 7ක තම දරුවා රැගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි

සැකකරු මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින අයකු බව පොලිසිය කියයි

එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා ළඟ සිට ඇති අතර හෙට දින පරිවාස බාරයට පත් කිරීමට නියමිතව සිට ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now