දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට සිදුවූ දේ..
යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කොකුවිල් ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. කොකුවිල් දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි දුම්රිය හරස්මාර්ගයදී මෙම අනතුර සිදුව ඇත.
කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්රගාමී දුම්රියට මෙලෙස පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහිදී මිය ගිය තරුණිය පාපැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන අවස්ථාවේදි තරුණිය දුම්රිය දැක නොමැති අතරම දුම්රිය පැමිණෙන බව දුටු තරුණියගේ පියා විසින් දිව ගොස් දියණිය බේරා ගැනීමට උත්සහ ගැනීමේදී පියා දුම්රියේ ගැටී විසි වී තිබේ.
නමුත් තරුණිය දුම්රියට යට වී ඇති බවට ප්රදේශවාසීන් පැවසූහ. අනතුරින් බරපතල තුවාල ලැබූ පියා රෝහලගත කොට ඇති අතර තරුණිය එම ස්ථානයේම මිය ගොස් තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |