කන්න දෙයක් නෑ කියා දෙදරු පියා ගෙල වැළලාගෙන - මෙරටින් ඇසෙන හද කම්පා කරන පුවත

Sri Lanka Economic Crisis Sri Lanka SL Protest
By Sewvandhi May 02, 2022 01:37 PM GMT
Report

ආර්ථික පීඩනයට මුහුණ දීමට නොහැකිව 60 හැවිරිදි පියෙකු ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ. මියගොස් ඇත්තේ ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු සිය බිරිඳ සමඟ කුඩා පැල්පතක ජීවත් වූ අයෙකු වන අතර හේන් ගොවියෙකු හා කුලී වැඩ කරමින් ජීවත් වූ අයෙකි. කුඹුරක් වගා කරමින් සිටි අතර පොහොර නොමැතිකම හේතුවෙන් එයද අසාර්ථක වී ඇත.

පවතින අර්බුද හමුවේ නිසි ආහාර වේලක් පවා ලබා ගැනීමට නොහැකිව ඔවුන් දීර්ඝ කාලයක සිට දැඩි අසීරුතාවයකට පත්ව ඇත. මෙම පියා පසුගිය දා නිවසින් පිටව ගොස් ඇති නමුත් 29 වැනිදා උදේ සවස් වනතුරු ආපසු පැමිණ නැත. මිණිබිරිය හේනට යමින් සිටියදී ගසක එල්ලී මිය ගිය සීයාගේ සිරුර හමුවී ඇති බව වාර්තා විය.

ආර්ථික පීඩනය දරාගත නොහැකිවූ හැට හැවිරිදි පියකු ගෙල වැලලාගෙන දිවි නිසා ගැනීමේ සිද්ධියක් මරණය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල දී අනාවරණය වූ බව ගල්ගමුව පොලීසිය කියයි. ගල්ගමුව, වලස්වැව පදිංචිව සිටි ඩබ්ලිව්.එම්. රන්බණ්ඩා නමැති එක්දරු පියකු මෙන්සේ මරණයට පත්ව ඇත.

ඔහු නිවෙස අසල හේන් බිමක පුහුල් වගාව සිදුකොට තිබෙන බවත්, ඒ වගාව ද තෙල් පොහොර නොයෙදීම නිසා නිසරුව පවතින බව නිරික්ෂණවල දී අනාවරණය වී තිබේ. කෑම බීම සපයා ගැනීමටවත් ආර්ථිකයක් නොමැතිකම හේතුවෙන් මීට දින කීපයකට පෙර අඹුසැමියන් අතර සුළු ආරවුලක්ද ඇති වී යැයි පරික්ෂණවල දී අනාවරණය වූ බව පොලීසිය කියයි.

මේ පියා පසුගිය 29 වැනිදා උදේ 6.30 ට පමණ නිවෙසින් පිටවී හේන දෙසට ගොස් ඇති බවත් ඒ නිරාහාරව බවත් පොලිසිය කියයි. සැමියා හවස 2.30 පමණ වනතුරුත් නිවෙසට නොපැමිණි නිසා බිරිඳ ඇගේ මිනිපිරියකට කතා කොට “අත්තාට උදේ කන්නත් නෑ. දවල්ට කන්නත්. නෑ මං සල්ලි ටිකක් හොයාගෙන පිටි දෙසිය පනහක් ගෙනාවා, රොටියක් පුච්චල දෙන්න. හේනට ගිහින්  අත්තට එන්න කියන්න'' යැයි පවසා ඇත.

විපරම් කළත් එහි ඔහු දැක ගැනීමට නොහැකි වූ නිසා හේන පහළ කැලෑ රොදට ගොස් ඇති බවත් එහිදී මේ පියාගේ සිරුර ගසක එල්ලෙමින් තිබෙනු දැක ඇත. මේ පියාට විවාහක දෙදරු පුතෙකු සිටි අතර ඔහු ද ආර්ථික පීඩනයෙන් පෙළෙන බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

මේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරික්කෂ ශාන්ත රණවීර මහතා සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි හා නිරීක්‍ෂණ සටහන් අනුව මේ පියා සිය දිවි නසා ගන්නට ඇත්තේ දරිද්‍රතාව නිසා ඇති වූ සිත් කලකිරීමකින් බවට පැහැදිලිවන බවත් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now