රයිස් කුකර් එකක පියනෙන් දියණියගේ මුහුණ පිළිස්සූ පාපතර පියා

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 06, 2023 06:13 AM GMT
Report

පින්වත්ත පොලීසිය සඳහන් කළේ, රත්වෙමින් තිබූ රයිස් කුකර් එකක පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

පෙරේදා (05) රාත්‍රියේ පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිළිස්සීම් තුවාල සහිත දැරියක් සිය මව සමග පැමිණ.  දැරිය සිය මව සමග පොලීසියට පැමිණිලි කර, ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලීසිය පැවසීය.

දැරිය එදින රාත්‍රි නිවසේ බත් පිසමින් සිට ඇති අතර, සැකකරු රාත්‍රි 7.45ට පමණ නිවස පැමිණ තිබේ. ඒ මොහොතේ දැරියගේ මව අසල වෙළෙඳ සැලකට ගොස් සිට ඇත.

රයිස් කුකර් පියන විවෘත කර බැලූ සැකකරු "මෙතරම් හාල් මොකටද උයන්නේ" යනුවෙන් පවසා රයිස් කුකර් පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කළ බව පොලීසිය පැවසීය

මුහුණ සහ කම්මුල්වල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් ගත කිරීමට යොමුකළ බව පොලිස් නිලධාරීයෙක් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාමල් මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now