පෙර පාසල් දරුවාට බිස්කට් ලබා දී රවටා අතවර සිදු කල පාපතර පියා - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන පුවත..

Sri Lanka Police Colombo Supreme Court of Sri Lanka Child Abuse Crime
By Sithumi Jun 16, 2022 01:43 PM GMT
Report

බිස්කට් ලබාදෙන බව රවටා පෙර පාසල් දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරදකරු වු එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවමක් නියම කළේය. 

 මීට වසර 12කට පෙර පස්හැවිරිදි වියේ පසුවු පෙර පාසල් දරුවා රවටා ඔහුට ලිංගික අතවර කළ විත්තිකරුට නියම කළ සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 2ක වන්දියක් අතවරයට පත් දරුවාට ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවහොත් අමතර වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට සිරදඬුවම් හා වන්දි නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 15000/- දඩයක් ද නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබවොත් අමතරව මාස 03 ක සිර දඬුවම් නියම කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now