තම බාලවයස්කාර දියණිය දූෂණය කොට ගැබිණියක් කල පාපතර පියාට අධිකරණයෙන් ලැබුනු තීන්දුව..

Kegalle Child Abuse Crime
By Sithumi Jan 28, 2023 03:19 PM GMT
Report

කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහතා විඩින්, පෙරේදා (26) තම දියණිය දූෂණය කර දරුවෙකු ලැබීමට සැලැස්සූ පියෙකු වරද පිළිගැනීමෙන් පසුව චෝදනා තුනට බරපතළ වැඩ සහිත වසර 48ක සිර දඬුවමක් නියම කිරීමට නියම කරනු ලැබුවා.

ඊට අමතරව වින්දිත දියණියට ලක්ෂ 05ක වන්දි මුදලක් ද ගෙවන ලෙසයි අධිකරණය නියෝග කළේ. පළමු, දෙවන සහ තෙවන චෝදනාවලට වෙන් වෙන්ව රුපියල් 10, 000 බැඟින් රුපියල් 30,000ක දඩ මුදලක් ද, එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැඟින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය ඊට අමතර එක් එක් චෝදනාවට වසර 16 බැඟින් බරපතල වැඩ සහිත වසර 48 ක සිරදඬුවමක් නියම කෙරුණා.

සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසත් සිරදඬුවම් ගෙවී යාමෙන් පසුව වින්දිත දියණියට රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ද මෙහිදී නියෝග කළා. මෙලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණේ මාවතගම, හල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තිදෙරු පියෙකුටයි.

දැරියට 13 හැවිරිදි වියේ පසුවූ අවස්ථාවේ අයගේ මව විදෙස් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව නිවසේ සිට ඇත්තේ අදාළ දැරිය පියා, බාල සහොදරයා සහ සහොදරිය පමණයි. 2010 වර්ෂයේ අප්‍රේල් 01 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ දී අවස්ථා ගණනාවක දී පියා විසින් දියණියව දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මව යළි නිවසට පැමිණිය ද දැරිය විසින් තමාට පියාගෙන් දරුවෙකු බිහි වීමට ඇති බව මව සමඟ ප්‍රකාශ කර නොතිබුණු බවට ද අධිකරණයේ දී හෙළි වුණා. පසුව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ලද තොරතුරකට අනුව ⁣ඇය දැරියගෙන් දරුවෙකු බිහි කිරීමට ඇද්ද යන්න පිළිබඳ විමසීමක් සිදුකර තිබෙනවා.

පසුව දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එහිදී සැකකාර පියා අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ. 

පසුව දැරිය කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ආබාධිත දරුවෙකු බිහි කර තිබූ බව සඳහන්. කෙසේ වෙතත් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධි චෝදනා තුනක් යටතේ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණයට මෙම සිද්ධිය සම්බන්ධ නඩුව යොමුකර තිබෙනවා.

ඒ, අතර තුර සැකකාර පියා මාවතගම, කහපත්වල, හල්ලව ප්‍රදේශයේ තවත් කාන්තාවක් සමඟ විවාහ වී ඇති අතර. එහිදී ඇයට ද එක් දරුවෙක් සිටින අතර තවත් දරුවෙකු බිහි කිරීමට ද සිටින බවයි අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ. මේ අතර වින්දිත දැරිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ විවාහ වී මේ වනවිට දරුවෙක් ද සිටින බවට අධිකරණයේ දී හෙළිවුණා.

කෙසේ වෙතත් පෙරේදා (26) දිනයේ ආදළ නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර පියා අධි චෝදනා තුනටම වැරදිකරු බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉහත දඩ මුදල් සහ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now