සේවකයෙකු ආයතනයේ හිමිකරු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි..(VIDEO)

crime Weligama Bandaravathth Dhenipitiya
By Sewvandhi Mar 15, 2022 11:45 AM GMT
Report

වැලිගම ප්‍රදේශයේ යකඩ වැඩපොළක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එම කම්හලේ සේවකයෙක් විසින් යකඩ වැඩපොළේ හිමිකරුවයි එලෙස ඝාතනය කර ඇත්තේ.

තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා. එලෙස මියගොස් ඇත්තේ, බණ්ඩාරවත්ත, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මංජුල ප්‍රභාත් නමැති දෙදරු පියෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now