15 හැවිරිදි දැරියක් අපයෝජනය කල ප්‍රධාන රෝහලක වෛද්‍යවරයා

Galle Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Sep 12, 2022 11:14 AM GMT
Report

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි දැරිවියක් අපයෝජනය කළ බවට සැකකෙරෙන වෛද්‍යවරයා නීතීඥයෙකු මාර්ගයෙන් ගාල්ල පොලීසිය වෙත භාරවී තිබේ. එහිදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අධිකරණය විසින් ලක්ෂ 3ක ඇපයක් මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණට තහවුරු කළේය.

පසුගියදා අදාළ දැරිය ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී පරීක්ෂණ කටයුත්තක් සඳහා විකිරණ ඒකකය වෙත ගොස් ඇත. අනතුරුව ඇය ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත නැවත පැමිණීමෙන් අනතුරුව ඇයගේ මවට කළ දැනුම්දීමකට අනුව ඔවුන් ගාල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සැකකාර වෛද්‍යවරයා විසින් දැරිය විකිරණ අංශය තුළදී අපයෝජනය කර ඇති බවටය.

ඒ අනුව ගාල්ල පොලීසිය විසින් සැකකාර වෛද්‍යවරයා සොයා විමර්ශන ආරම්භ කර තිබේ. පසුව සැකකාර වෛද්‍යවරයා අද මෙලෙස නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී ඇත. දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහල ආයතනික මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now