දියණියක් තම මවට මෝල් ගසකින් පහරදී මරා දමයි..! මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 17, 2022 11:43 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

38 හැවිරිදි දියණියක 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ,බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාස හි පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති වයෝවෘද්ධ මවකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර 38 හැවිරිදි දියණිය ,පහර දීමට යොදා ගත් අඩි තුනක් පමණ උසැති මෝල් ගස සමග අත්අඩංගුවට ගෙන ඇත සැකකාරිය හා ඝාතනයට ලක්වූ මව එකම නිවසක පදිංචිව සිටින අතර අත්අඩංගුවට ගත් සැකකාරියගේ හය හැවිරිදි දියණියට මව විසින් පහර දුන්නැයි උරණව මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහර දීමෙන් බරපතළ තුවාල ලද වයෝවෘද්ධ කාන්තාව නිවස තුළම මියගොස් සිටි බව පොලිසිය කියයි සැකකාරිය මානසික රෝගයකට නැවතී ප්‍රතිකාර ගෙන මීට දින කීපයකට ඉහතදී නිවසට පැමිණි තැනැත්තියක් බවත් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now