නවතා තිබූ බස් රථයකට එකවරම ගොඩ වී පුද්ගලයෙක්ගේ අතක් කපලා - සංවේදී පුවතක් මෙරටින්.. වීඩියෝ සහිතයි.. (VIDEO)
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By krishani

ඊයේ (27) දහවල් ඉංගිරිය නගරයේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට තියුණු ආයුධකින් පහර දී ඇත.
ඒ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ය.
මෙම පහර දීම සිදුකර ඇත්තේ බස් රථය නගරයේ දහවල් නවතා තිබු අවස්ථාවේ දී ය.
එම පහරදීමෙන් කොන්දොස්තරවරයාගේ එක් අතකට දැඩි හානි සිදු වී ඇත.
ඔහුව ඉන්ගිරිය රෝහලට ඇතුලත් කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට මාරු කර යැවිණ.
කෙසේ වෙතත්, පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට සැකකරුවන් පොලිසිය විසින් හඳුනා ගෙන ඇති බවට සඳහන් වේ.
වීඩියෝ දර්ශන - Hiru News