දින 5ක් පුරාවට අඩි 80ක් ගැඹුරු නල ලිදක සිරවී සිටි ආබාධිත දරුවාට සිදු වූ දේ..

India Accident
By Sewvandhi Jun 15, 2022 04:44 PM GMT
Report

ඉන්දියාවේ චිතස්ග්‍රාහ් ගම්මානයේ අනාරක්ෂිත නළ ළිඳකට ඇද වැටී සිරවී සිටි දරුවෙක් නිරුපද්‍රිතව ගොඩට ගැනීමට හැකි වී තිබෙනවා. ඒ, දින 5ක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි.

11 හැවිරිදි රාහුල් සාහු නම් ශ්‍රවණාබාධයකින් පෙළෙන මෙම දරුවා චිතස්ග්‍රාහ් ගම්මානයේ සියගෙවත්තේ පිහිටි මෙම නළ ළිඳට ඇද වැටී තිබුණේ ඉකුත් 10 වැනිදායි. දරුවා අතුරුදන් බවට මව්පියන්ට හැඟීයාමත් සමඟ සිදුකළ සෝදිසියකදී ඔහු නළ ළිඳට ඇද වැටී ඇති බවට දැක ඇත්තේ දරුවා හඬා වැළපෙන ශබ්දය ඇසීමත් සමඟයි.

ඒ අනුව ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය විසින් දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. එහිදී අනාවරණ වූයේ නළ ළිඳ තුළ දරුවා අඩි 80ක පමණ ගැඹුරක සිරවී ඇති බවයි.

පසුව නළ ළිඳට සමාන්තරව තවත් කුහරයක් කැනීම් කර ඒ හරහා දරුවා මුදා ගැනීමටයි මෙහෙයුම් දියත් කෙරුණේ. ඒ අතරවාරයේ දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ දියර ආහාර බටයක් මගින් වෛද්‍යවරුන් ලබාදී තිබුණා.

දින 5ක් පුරා සිදුකළ මෙම අඛණ්ඩ මෙහෙයුම සඳහා 300කට අධික පිරිසක් සහභාගී වුණා. දරුවා රැඳී සිටි ස්ථානයට සාර්ථකව ලඟා වූ ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් ඊයේ දරුවා නිරුපද්‍රිතව මුදා ගත්තේ මෙලෙසින්.

මීට පෙරද අවස්ථා කිහිපයකදී ඉන්දියාව තුළ දරුවන් නළ ළිං තුළට ඇද වැටීමේ සිද්ධීන් වාර්තා වූ අතර එම මුදා ගැනීමේ මෙහෙයුම්වලදී දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now