පාසල් සිසුවිය නිවසට ගෙන්වාගෙන 18 හැවිරිදි පෙම්වතා සිදුකළ ඇඟ හිරිවැටෙන වැඩේ..

crime Boralanda himbutuvaladava kudaoya thelulla
By Sewvandhi Jan 25, 2022 05:03 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බොරලන්ද හිඹුටුවැල්‍දාව ප්‍රදේශයේ අවුරුදු 15 මාස 11 වයසැති පාසල් ශිෂ්‍යාවක් ඇයගේ පෙම්වතා ඉකුත් 22 දින නිවෙසට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙක් සහ ඊට අනුබල දුන් ඔහුගේ මව කුඩාඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක්වූ දැරිය ඉකුත් 22 වැනිදා දහවල් පෞද්ගලික උපකාරක පන්තියකට යන බව පවසමින් නිවෙසින් පිටව ගොස් ඇත.  ආපසු නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඇය ඇතිලියවැව, තෙළුල්ල පදිංචි ඇයගේ පෙම්වතා සමඟ ගොස් ඇති බව අනාවරණය වී ඇත. 

පෙම්වතාගේ නිවසේදී ඇය සමඟ අඹුසැමියන් ලෙස හැසිරීමට සැකකරුගේ මවත් අනුබල දී ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now