දර කැඩීමට ගිය 14 හැවිරිදි දරුවා ගසෙන් ඇද වැටී මියයයි..!

Sri Lanka
By Sewvandhi Jun 12, 2022 11:14 AM GMT
Report

හැටන් - මස්කෙළිය ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු ගසකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිමි ළමයා මස්කෙළිය - බ්‍රවුන්ලෝ තේ වත්තේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කරන්නේ.

අද (12) දහවල් නිවස අසළ පිහිටි ඉඩමක දර කැඩීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now