ශිරන්ති රාජපක්ෂ අද ජාතික අක්ෂි රෝහලට
Mahinda Rajapaksa
Sri Lanka
Shiranthi Rajapaksa
Prisons in Sri Lanka
Sinhala news
By R.rishma
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට යොමු නොකර අද (09) ජාතික අක්ෂි රෝහල වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) ඇයව බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශය මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
'සිරිලිය සවිය' ගිණුමේ සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගිය 07 වැනිදා නියෝග කළේය.