කොළඹ ප්‍රසිද්ධ පාසලක දැරියකට ,අඳුරු වීදුරු සහිත වාහනයක් තුළදී, 50 හැවිරිදි බැංකු කළමනාකරු, වරින් වර සිදුකළ ඇඟ හිරිවැටෙන අපරාධය...

Sri Lanka Sexual harassment Child Abuse Crime
By Sewvandhi Dec 08, 2022 04:15 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පෞද්ගලික බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමට අදාලවයි.

ඔහු විසින් අවස්ථා කිහිපයක දී අදාළ දැරිය අඳුරු වීඳුරු සහිත ජීප් රථයකින් කොළඹ ප්‍රදේශයේ රථ ගාල්වලට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. 

 කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ දැරියගේ නිවසට අදාළ බැංකු කළමනාකරු විසින් කාර්යාලයීය කටයුත්තක් සඳහා ලබාදුන් ඇමතුමක් ඔස්සේයි.

අත්අඩංගුවට ගත් 50 හැවිරිදි මෙම බැංකු කළමනාකරුටද වයස අවුරුදු 13 සහ 17 යන වයස්වල පසු වන දැරියන් දෙදෙනෙකු සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.

බැංකු කළමනාකරු කිරුලපන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now