"පැයක් කලින් ගෙනාවනම් බේරගන්න තිබුනා" ඉන්ධන නොමැතිව දින දෙකක් වයසැති බිලිදා අවසන් ගමන් ගිය සංවේදි කතාව...(PHOTOS)

Fuel Price In Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi May 22, 2022 01:08 PM GMT
Report

දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගිය කුඩා බිළිඳියක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ රෝහලට රැගෙන ඒම ප්‍රමාද වීම හේතුවෙන් මෙම බිළිඳියගේ මරණය සිදුවී ඇති බවයි. ඇය මවුකිරි පානය අඩුවී සිරුර කහ පැහැ ගැනීම හමුවේ රුධිරයේ සීනි මට්ටම පහත බැසීම හේතුවෙන් නිවසේදී රෝගී වී තිබෙනවා.

හල්දුම්මුල්ල රෝහලට බිළිඳිය රැගෙන ඒම සඳහා පියාට ත්‍රී රෝද රථයට ඉන්ධන සොයා ගැනීමට පැයකට අධික කාලයක් ගතවී ඇති බවටයි එම වෛද්‍යවරයා සිය ෆේස් බුක් සටහනේ දක්වා ඇත්තේ. හල්දුම්මුල්ල රෝහලට රැගෙන ඒමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යවා ඇති බිළිඳිය හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

පැයක ප්‍රමාදයකින් තොරව ඇය රෝහලට රැගෙන ඒමට හැකියාවක් තිබුණේ නම් ජීවිතය බේරා ගැනීමට තිබූ බවයි මෛ වෛද්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

එම වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery