අවුරුදු 05ක් එක දිගට පුංචි මල් කැකුලක් තැලූ නරුම බාප්පා..දැරිය සියල්ල වමාරයි.
අපේ රටේ විවිධ ප්‍රදේශ වලින් දිනෙන් දින අහන්නට ලැබෙන සෝචනීය සිදුවීම් අතර එක් සිද්ධියක් නම් පුංචි මල් කැකුළු තලා පොඩිකර විනාශ කර දැමීමයි.
එවැනි සිදුවීම් අතරින් සමාජය තුළ කතාබහට ලක්වන්නේ ඉතාමත් අතලොස්සක් වීමද කනගාටුවට කරුණකි.
එයට හේතුව නම් එවැනි සාහසික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් විසින් පුංචි දරුවන් බියට පත් කරමින් සමාජයට දැන ගැනීමට නොදී සඟවා තැබීමට එම පුද්ගලයින් සූක්ෂමව ක්‍රියා කිරීමයි.
එවැනි සිදුවීමක් පිළිබඳව මේදින වල සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතාබහට ලක්වෙමින් පවතී.
එම අවාසනාවන්ත සිදුවීමට ගොදුරුවූ දැරියක් විසින් තමන්ට සිදුවූ ලිංගික හිංසනය පිළිබඳව සිදු කළ අමුතුම හෙළිදරව්ව මෙන්න.
මම 4 පංතියේ ඉදන් මුන්සීර් බාප්පා මා එක්ක නරක විදියට ඉන්නවා. පුංචි අම්මා මේක දන්නවා.
බාප්පා එක්ක මාව තනියෙන් තියලා පුංචි අම්මා එයාගෙ ළමයි දෙන්නාවයි අපෙ ආච්චිවයි අරං එළියට යනවා.
මාව එක්කන් යන්න කිව්වාම "නෑ , ඔයා බාප්පා එක්ක ඉන්න " කියලා එයා යනවා. නිතරම එයා ඒ දේ කරනවා.
මට රිදෙනවා, මම අඩනවා, මම බෑ කිව්වාම මුන්සීර් බාප්පා හැන්දක් රත් කරලා ගෙනත් මාව පුච්චනවා.
අවුරුදු 5ක් තිස්සේ මෙහෙම වුණා.
සමාජ මාධ්‍ය වල මේ දින වල පැතිර යන පෝස්ටුවකින් උපුටා ගැනීමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
