නව හැවිරිදි දැරියට පාසල් වෑන් රථ රියදුරු සිදු කළ බිහිසුණු අපරාධය..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 17, 2023 04:53 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පිලියන්දල පොලිසිය සදහන් කළේ, පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බවයි.

අදාළ දැරිය රෝහල් ගත කර ඇති අතර, දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර අද දහවල් පාසල නිමවීමෙන් අනතුරුව රියදුරා දැරිය වෑන් රථය තුළට ගොඩකර තිබූ බවය.

අනතුරුව අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.

ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බවයි වාර්තා වන්නේ.

අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now