ගමක් හඬවමින් නිවසේ එල්ලී සිටියදී නව හැවිරිදි දැරියකගේ සිරුර සොයාගැනේ

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 12, 2023 03:16 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ලණුවකින් ගෙල සිරවී හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පදිංචි ශලනි රිතුෂා නමැති 09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මියගොස් තිබේ. 

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු දියණිය වන ශලනි හලාවත, අඹකඳවිල සාන්ත රෝගුස් විද්‍යාලයේ 04 වන වසරේ ඉගෙනුම ලැබූ දැරියකි. අදාල දැරිය නිවසේ කාමරයක එල්ලී සිටියදී මුලින්ම දැක තිබුණේ අසල්වැසි නිවසක දැරියක් විසිනි.

මෙහිදී එම අසල්වැසි නිවසේ සිටි දියණිය දැක තිබුණේ ශලනිගේ ගෙලහි තංගුස් වර්ගයේ ලණුවක් පැටලී තිබූ අයුරුය. පසුව එම දියණිය ඒ පිළිබඳව ශලනිගේ පියාට දැනුම්දී ඇත.

ශලනිගේ මව මීට වසර එකහමාරකට පමණ පෙර කුවේට් බලා ගොස් ඇත්තේ ආර්ථික පීඩනය හමුවේ ජීවත්වීමට ඇති අපහසුතා නිසාවෙනි.

 අද (12) පෙරවරුවේ හලාවත, ඉරණවිල ප්‍රදේශයෙන් වාර්තා වූ එම දැරියකගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණය සිදු කෙරුණි.

මේ අතර අද පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණි. මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය