"..මගේ මුලු ඇඟම රිදෙනවා අම්මේ.." අවුරුදු 8ක දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කල පාපතර සුළු පියා..!

Sri Lanka Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Sep 21, 2022 11:46 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වයස අවුරුදු 8ක දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පැවසීය. සැකකරු 44 හැවිරිදි චමින්ද කුමාර නමැති මොරටුව, රාවතාවත්ත, පොල්කොටුව පාරේ නිවසක පදිංචි පෙදරේරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති දැරියගේ මව පවසා ඇත්තේ,

"මම ඔහු සමග මීට වසර 3කට පමණ ඉහතදී විවාහ වුණා. කලින් විවාහයේ අවුරුදු 8ක දැරියක් සහ දෙවැනි විවාහයෙන් අවුරුදු 2ක පුතෙක් මට සිටිනවා." "පසුගිය ඉරිදා දැරියට දහම් පාසල් යෑමට ලෑස්ති වෙන්න කිව්වා. දුව කිව්වා..'මගේ මුලු ඇඟම රිදෙනවා අම්මේ.' කියලා. එහෙත් මගේ බලකිරීම මත දැරිය දහම් පාසල් ගියා."

දහම් පාසල් නිමවී නිවස වෙත පැමිණ ඇති දැරිය සවස ඉංග්‍රීසි පන්තියකට ගොස් ඇති අතර එහිදී තමාගේ ශරීරයේ දැඩි වේදනාවක් ඇති බව දැරිය විසින් ඉංග්‍රීසි ගුරුවරියට පවසා ඇත. ඒ අනුව ගුරුවරිය විසින් මවට ඒ පිළිබඳව දැනුම්දී දැරියට ප්‍රතිකාර ලබාදෙන ලෙස පවසා තිබේ.

පසුව මව විසින් දැරියව නිවසට රැගෙනඒමෙන් පසු අසනීප තත්ත්වයට හේතු විමසා ඇති අතර එහිදී දැරිය සිදුවූ අපරාධය පිළිබඳ අනාවරණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (21)මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now