ධීවරයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය. - 10 වන විත්තිකාරිය නිදහස්.

Sri Lanka Police Supreme Court of Sri Lanka Sri Lanka Fisherman
By Wayomi Jan 24, 2024 07:31 AM GMT
Report

ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ, 2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් 'තේජාන්' නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම වරදටයි.

කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාල නියෝගය ලබාදුන් අතර එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද කටයුතු කළා.

ධීවරයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය. - 10 වන විත්තිකාරිය නිදහස්. | 7 Fishermen Sentenced To Death

මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් 2,008,500 බැගින් වූ දඩයක් ගෙවීමට ද නියම කර ඇත.

එමෙන්ම මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියම කර තිබෙනවා.

ධීවරයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය. - 10 වන විත්තිකාරිය නිදහස්. | 7 Fishermen Sentenced To Death

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත් ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිවයි.  

                                                       Sponsored By Sarrita Jewellery

ධීවරයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය. - 10 වන විත්තිකාරිය නිදහස්. | 7 Fishermen Sentenced To Death