6 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් ව මතර දරුවාගේ නිවසේදීම අපයෝජනය කරයි - මෙරටින් ඇසෙන සංවේදී පුවත..

Sri Lanka Child Abuse
By Sewvandhi May 27, 2023 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 06 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඔවුන් එළඹෙන 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, දිවුලපිටිය, මිල්ලගහවත්ත සහ පින්නලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.

මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණයෙන් සැකකරුවන් දෙදෙනාව මීගමුව මහ රෝහලේ සමාජ රෝග සහ මානසික රෝග සායනයට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරුණි

වින්දිත පිරිමි දරුවාගේ මව හැරගොස් ඇති බවත් පියා බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් අධිකරණයේදී අනාවරණය වුණි.

මිත්තනියගේ රැකවරණය මත සිටින එම පිරිමි දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ දරුවාගේ පියාගේ මිතුරන් දෙදෙනකු විසිනි. ඔවුන් දෙදෙනා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට බවට දිවුලපිටිය පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා විසින් දරුවාව මත් කර දරුවාගේ නිවස තුළදීම අපයෝජනයට ලක්කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලිංගික අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now