නිවසක් තුළ තුල කාන්තාවන් ඇතුළු පස් දෙනෙකු බිහිසුණු ලෙස කපා කොටා මරා දැමේ..!

Jaffna Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 22, 2023 08:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවන් තුන්දෙනෙකු ඇතුලු පස්දෙනකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති පුවතක් මෙරටින් වාර්තා වනවා. ඒ,යාපනය - ඩෙල්ෆ්ට් දූපතේ මාවිලා වරාය අසළ පිහිටි නිවසක දී.

අද(22) පාන්දර යාමයේ දී මෙම ඝාතනය සිදුවී ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පස්දෙනාගෙන් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය බව පොලිසිය කියා සිටියා. අනෙක් තුන්දෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයෙකු බව වාර්තා වනවා. 

 සිද්ධියෙන් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයද විදේශ ගතව සිට මෙරටට පැමිණ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now