සිව් හැවිරිදි කුඩා දැරියකගේ කටට දුම්කොළය ඔබා මුහුණ වතුරේ ඔබා අමානුෂික ලෙස පහරදුන් පහරදුන් පාපතර මව..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 23, 2023 12:58 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 අඟුරුවාතොට පොලිසිය සදහන් කළේ,සිව් හැවිරිදි කුඩා දැරියකගේ කටට දුම්කොළයක් ඔබා මූණ වතුර බාල්දියක ද ඔබා වේ වැලකින් පහරදී කෲරත්වයට පත් කළ බව කියන පියාගේ දෙවැනි බිරිඳ අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය සඳහන් කරන්නේ, අදාළ සැකකාරිය විසින් දැරියගේ කටට දුම්කොළය එබිම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් මත් ගතියෙන් සිටි බවයි.

වාර්තා වන පරිදි, දැරිය මේ වන විට කිරිඅම්මා භාරයේ හොරණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර දැරියට පහර දීමට යොදා ගත් වේ වලද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ, " දැරිය කියන දේ අහන්නෙ නැහැ හිතුවක්කාරයි "ඒ නිසා පහර දුන් බව සැකකාරිය පවසා ඇති බව සඳහන්.

එමෙන්ම, සැකකාරිය පහර දුන් බව කියන සලකුණු කිහිපයක් වම් අතේ බැලූ බැල්මට දක්නට ලැබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැරියගේ මව වෙනත් පුරුෂයෙක් සමග දැරිය හා පියා තනිකර මීට වසරකට පමණ පිටවී යාමෙන් අනතුරුව දැරියගේ පියා විසින් දැරියත් රැගෙන සැකකාරියගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බවයි.