අවුරුදු තුනක මල් කැකුළට මරු කැඳවූ ටැංකිය - මෙරටින් ඇසෙන අවාසනාවන්ත පුවත

By Sewvandhi Jun 05, 2022 09:47 AM GMT
Report

වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේදී අවුරුදු 3 ක් වයසැති දැරියක් ඊයේ (04) දින නිවසේ ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දැරිය ගෙමිදුලේ ඉදිකොට තිබූ ජල ටැංකියට නැගීමට ගත් උත්සහයකදී ටංකිය තුලට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. දැරිය මව සමග නිවසේ සිට ඇති අතර මව දැරිය මිදුලේ දමා එම එඩමේම වගාකොට තිබූ කඩල අස්වැන්න ගලවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

දැරිය ටැංකියට වැටෙන අවස්ථාවේදී එහි ජලය පිරී පැවතීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇති අතර පසුව මව පැමිණ සෝදිසි කිරීමේදී දැරිය නොසිටීම හේතුවෙන් ටැංකිය පරික්ෂා කොට බැලීමේදීයි හමුවී ඇත්තේ.

අනතුරුව දැරිය වහාම රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මවගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් මෙම දැරියගේ මරණයට හේතුවක් වී ඇති බවයි පරික්ෂණ සිදුකරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now