නාය යෑමකින් තිදෙනෙකු මරුට

By Sewvandhi Feb 07, 2022 10:55 AM GMT
Report

වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

එම නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බේස් වළක් කපමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now