එකම පවුලේ තිදෙනෙක් මියයයි..කැනඩාවේ තවත් ඛේදවාචකයක්..

India Canada Fire Accident
By Aruna Mar 16, 2024 04:36 AM GMT
Report

සැක සහිත ගින්නකට හසුව කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළ දී පසුගිය 07 වනදා අදාළ පවුල මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ගින්න නිවාදැමීමෙන් පසු, විමර්ශකයින් විසින් විනාශ වූ නිවස තුළ මිනිස් අස්ථි කොටස් සොයා ගත් නමුත්, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඒ වන විට තහවුරු කර ගත නොහැකිව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී ඒවා එකම පවුලේ පියා, මව සහ දියණියගේ බවට ඊයේ දිනයේ තහවුරු කරගෙන ඇත.

51 හැවිරිදි රජිව් වාරිකූ ඔහුගේ බිරිඳවන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින බවයි, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔන්ටාරියෝ පොලිසිය පැවසුවේ.