කාලා ඉතිරි වෙච්ච් පාන් වලින් වෙනස්ම Recipe 3ක රස බලන්න.
මේ දවස් පාන් කන්න ලේසිත් නැහැ. හැබැයි එහෙම කියලා නොකා ඉන්නෙත් නැනේ නේද? කාලා ඉතිරි වන පාන් නිකරුණේ විසික් කරලා අපතේ දාන්නේ නැතිව ඒවායෙන් හදන්න පුළුවන් අමුතු කෑම Recipe 3ක් ගැනයි මේ කියන්න හදන්නේ.
1. Sweet Bread Snack
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් වාටි කිහිපයක්
- බටර් මේසහැඳි 3 ක්
- සීනි මේසහැඳි 2 ක්
සාදාගන්න ආකාරය
- පාන්වාටි ටික පැයක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
- දැන් ඒ ටික පොඩි කෑලි වලට කපාගන්න.
- පසුව පෑන් එකකට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
- ඊට පස්සේ වෙනම පෑන් එකකට බටර් දාලා මෙල්ට් වෙනකොට පාන් කෑලි ටික දාගන්න.
- දැන් සීනි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
- සීනි ටිකක් දිය වේගෙන එනකොට ලිපෙන් බාගන්න.
2. Garlic Bread Sticks
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති 4-5 ක්
- මෙල්ට් කරගත් බටර් මේසහැඳි 2 ක්
- චොප්කරගත් ගාලික් බික් 4 ක්
- කෑලිමිරිස් තේහැඳි 1/2 ක්
සාදාගන්න ආකාරය
- පාන්පෙති ටික දික් අතට තීරු කපාගන්න.
- ඉතිරි සියල්ලම බෝල් එකකට දාලා කලවම් කරන්න.
- ඊට පස්සේ පාන්පෙති එම මිශ්‍රණයේ තවරාගන්න.
- දැන් මේ ටික සෙල්සියස් අංශක 180ට විනාඩි10ක් බේක් කරගන්න.
3. Bread Gulabs
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති 8 ක්
- කිරි මේසහැඳි 6-7 ක්
- බැදීමට තෙල් සීනි සිරප් එකට
- සීනි කෝප්ප 1 ක්
- කරදමුංගු ඇට 2 ක්
- වතුර කෝප්ප 1 1/2 ක් - පුළුවන් නම් විතරක් සැෆ්‍රන් ස්වල්පයක් (අත්‍යවශ්‍ය නැහැ)
සාදාගන්න ආකාරය
- පෑන් එකකට සීනි, කරදමුංගු හා වතුර දාලා ලිපේ තියන්න. ( නටන වතුර එකට සැෆ්‍රන් ටික දාගන්න.අඩු ගින්දරේ විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.)
- පාන්පෙති වල වාටි අයින් කරලා පොඩි කෑලි වලට කපාගන්න.
- පසුව ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. - හොඳටම බ්ලෙන්ඩ් වුණාම මේකට කිරි ටික දාගන්න.
- දැන් අතින් හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- ඊට පස්සේ මේකෙන් පොඩි බෝල හදාගන්න.
- පෑන් එකකට තෙල් දාලා රත්කරගන්න.
- සාදාගත් බෝල අඩු ගින්දරේ වැඩි වේලාවක් බැදගන්න.
- රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාලා උණුවෙන්ම සීනි සිරප් එකට දාගන්න.
- ඊට පස්සේ පැයකින් , දෙකකින් කන්න.