ගාලු පාරේ නවතා තිබූ බස් රථයක් සොරකම් කල දෙදෙනෙකුට සිදු වූ දේ

Galle Sri Lanka
By Sewvandhi May 19, 2022 04:41 AM GMT
Report

ගාලු පාර ආසන්නයේ නවතා තිබූ බස් රථයක් සොරකම් කළ බවට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

 පොලීසිය පැවසුවේ, ඊයේ (18) අලුයම් කාලයේ දී එම සොරකම සිදුව ඇති බවට පින්වත්ත පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

ඒ අනුව බස්රථය ගාලු මුවදොර ආසන්නයේ තිබිය දී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පින්වත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ක් හා 29ක් වන අලව්ව හා වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුන් දෙදෙනා අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පින්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now