දින හතරක් තුළ තරුණයන් 5කගේ අභාවය..! අද තවත් අයෙකු මියයයි..

Sri Lanka Police Shooting Sri Lanka Crime
By Sewvandhi Jun 06, 2022 03:08 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද සවස පහට පමණ මෝදර පොලිස් වසමේ රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන කොළඹ අලුත් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලීසිය පවසන්නේ.

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවූ පුද්ගලික ආරවුලක් මත සිදු වී ඇති බවට පොලිසිය සැක කරනවා.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත නිදහස්ව නැවත පැමිණි පුද්ගලයෙක්.

මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු මෝදර පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය විකුණන කල්ලි අතර හටගත් ගැටුම් හේතුවෙන් පසුගිය දින හතරක කාලය තුලදී වෙඩි තබා ඝාතනය කළ පස්වැනි පුද්ගලයා මොහුයි.yz


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now