මැරෙන තුරුම දස වධ දී වීඩියෝ ගත කළ ද්විත්ව ඝාතකයාට ලැබුණු ලොවම පුදුම කළ දඬුවම..

United States of America Crime Murder
By Sewvandhi Jul 21, 2024 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇලස්කා සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙක් ට වසර 226ක සිර දඬුවමක් ලබාදීමට ඇලස්කා අධිකරණයක් නියෝගකර තිබේ.

මෙහිදී අදාළ පුද්ගලයා විසින් එක් කාන්තාවකට මියයන තුරුම හිරිහැර කර ඇති අතර ඔහු එම සිද්ධිය වීඩියෝ කිරීමටද පියවර ගෙන තිබුණි.

එම පුද්ගලයා ට එරෙහිව Kathleen Henry සහ Veronica Abouchuk ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 99 බැගින් සිර දඬුවම් නියම කෙරිණි.මොහු නමින් බ්‍රයන් ස්ටීවන් ස්මිත් නම් වේ.

එම කාන්තාවන්ව ලිංගික ව අපයෝජනය කිරීම සහ සාක්ෂි වෙනස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන්, අනෙක් වසර 28ක සිර දඬුවම ලබාදී ඇත.

දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන බ්‍රයන් ස්ටීවන් ස්මිත් පසුව අමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තිබුණි.